20 December 2015

13.නොදන්නා අංක වලින් ඇමතුම් එනවද ? අංකය කාගෙද කියලා හොයාගන්නේ මෙහෙමයි( Truecaller )

 

ඔන්න තවත් සුපිරි වැඩ කෑල්ලක් ගැන තමයි අද කියන්න යන්නේ.. ඔබේ Phone එකටත් නොදන්නා අංක වලින් නිතරම ඇමතුම් එනවද ? එහෙනම් මේ ක්‍රමයට පුලුවන් ඒ ඈමතුම කාගෙන්ද කියලා බලාගන්න..

අපිට මේ සේවාව දෙන්නේ Truecaller වෙතින්.. ඒ කියන්නේ ලෝව විශාලම සත්‍යාපනය කල ජංගම දුරකතන ලාභීන්ගේ සමූහය..ස්වීඩනය මූලික කරගෙන තමයි මේ මෘදුකාංගය නිර්මානය උනේ.. ලොව පුරා මිලියන 80 ක් විතර මේ සේවාව භාවිතා කරනවා.. ඒ වගේම මෙම සේවාව ඉතා හොදින් ලංකාවට සහයෝගය දක්වනවා.                             

Spam  ඇමතුම් හදුනා ගැනීමේ හැකියාව මේ තුලින් ලැබෙනවා.. ලංකාවෙත් 30 000 කට අදික Spam දුරකතන අංක මේ Apps එකෙන් හදුනාගෙන තියෙනවා...



මේකෙන් ලැබෙන සේවාවන් ගැන පහළ තියෙනවා..

*Caller ID - මගින් ඇමතුම ලැබෙන අංකය ඔබේ Contacts වල නැති උනත් පුද්ගලයාව හදුනා ගැනීමේ හැකියාව..
*Block - මේ මගින් කරදරකාරී අංක අවහිර කිරීමේ හැකියාව..
*Search - මේ මගින් ලොව ඕඅනෑම දුරකතන අංකයක් ඇතුලත් කර එහි හිමිකරුවා සොයාගත හැකි වීම..

ඉතින් එහෙනම් මේ Apps එක පහළින් බාගන්න..

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන සදහා මෙතනින් බාගන්න... IOS සදහා මෙතනින් බාගන්න.. Windows Mobile සදහා මෙතනින් බාගන්න...

ඔබ ස්මාර්ට් දුරකතනයක් පාවිච්චි කරන්නෙ නැත්නම් ඔබේ දුරකතනයේ Web Browser එක හරහා මෙතනින් ගිහීන් එම සේවාව ලබාගන්න පුලුවන්..

2 comments:
Write comments
  1. කොහොමද මෙිකේන් බලා ගන්නේ

    ReplyDelete
    Replies
    1. oya app eka mobile ekata dammama auto names penwanawa

      Delete

star